සුරාසැල් සම්බන්ධයෙන් හදිසියේම තීරණයක් ගනී..මත්පැන් බොන අය මේගැන දැනුවත් වන්න.

Sri Lanka Police Colombo Bar Association of Sri Lanka
By Aruna Nov 20, 2024 04:03 AM GMT
Aruna

Aruna

Report

කොළඹ නගරය අවට මත්පැන් සිල්ලරට විකිණීම කරනු ලබන රුපියල් බිලියන 04 ක බලපත්‍රලත් ස්ථාන කිහිපයක් හදිසි පරීක්ෂා කිරීමකට ලක්කිරිමේදී ආරක්ෂිත මුද්‍රා නොමැති සහ සැකසහිත ආරක්ෂිත මුද්‍රා සහිත විදේශ මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොයාගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත ලැබුණු පැමිණිලි මත සිදු කරන ලද විමර්ශනවලින් පසුව ආරක්ෂිත මුද්‍රා ස්ටිකර් සම්බන්ධ බලපත්‍ර ස්ථානයන් පරීක්ෂා කරනු ලැබ තිබේ.

මෙරට ප්‍රධාන ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් වහා පැතිර යන රෝගයක් මතුවෙයි..133ක් රෝගී වෙලා.

මෙරට ප්‍රධාන ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් වහා පැතිර යන රෝගයක් මතුවෙයි..133ක් රෝගී වෙලා.


එම විදේශ මත්පැන් බෝතල් වැඩිදුර පරීක්ෂණ සදහා සුරාබදු නිලධාරීන් බාරයට ගෙන සුරාබදු කොමසාරිස් ජනරාල් වෙත වාර්තා කර ඇත.

සුරා බදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.ඒ.රොෂාන් පෙරේරා මහතා කියා සිටියේ, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර කඩිනමින් ගැනීමට සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි.

ReeCha