විරෝධතාකරුවන් පාර්ලිමේන්තුවට කඩා වදී.. ඇදිරි නීතිය නොතකා දහස් ගණන් ජනයා මහ පාරේ..(VIDEO)

By Sewvandhi Aug 05, 2024 02:34 PM GMT
Report

බංග්ලාදේශයේ විරෝධතා අතරතුර විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තුව අත්පත් කරගෙන තිබෙනවා.

අගමැතිවරියගේ පක්ෂ කාර්යාලය ද ගිනි තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එරට අගමැතිනි ශෙයික් හසීනා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබුණා. ධූරයෙන් ඉවත් වූ හසීනා ඉන්දියාවට පලා ගිය ආකාරයද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අගමැතිනිය ධූරය හැර රටෙනුත් පලායයි..රටම ගිනි ගනී නවතම තත්ත්වය..(VIDEO)

අගමැතිනිය ධූරය හැර රටෙනුත් පලායයි..රටම ගිනි ගනී නවතම තත්ත්වය..(VIDEO)

එමෙන්ම, බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් පිහිටුවන බව බංග්ලාදේශ හමුදා ප්‍රධානියා වන වේකර් උස් සමාන් නිවේදනයක් කළා.

ලක්ෂ සංඛ්‍යාත අරගලකරුවන් ඇඳිරිනීතිය නොතකා අගනුවර වීදිවල ගමන් කරමින් පසුව අගමැති මන්දිරයට කඩා වැදුණා. ඩකාහි සන්නද්ධ රථ සහිත සොල්දාදුවන් සහ පොලිසිය හසීනාගේ කාර්යාලයට යන මාර්ග කටු කම්බිවලින් අවහිර කර තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.