බංග්ලාදේශ විපක්ෂ නායක අත්අඩංගුවට.

By Hashini Oct 30, 2023 08:07 AM GMT
Report

බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායක මිර්සා ෆකුරුල් ඉස්ලාම් අලම්ගීර් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එය බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ද වනවා.

එම අත්අඩංගුවට ගැනීමත් සමඟම බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනාට එරෙහි විරෝධතා උත්සන්න වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විපක්ෂ ක්‍රියාකාරීන් සහ පොලිසිය අතරේ ඩකා අගනුවර දරුණු ගැටුම් හටගත් බවත්, ඩකා අගනුවර යුද පිටියක් බවට පරිවර්තනය වූ බවත්ය.

ලබන 2024 ජනවාරි මාසයේ බංග්ලාදේශ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතයි.

බංග්ලාදේශ විපක්ෂය බල කර සිටින්නේ මැතිවරණය සාධාරණව පැවැත්වීමට නම්, අග්‍රාමාත්‍ය ෂීක් හසීනා බලයෙන් ඉවත් විය යුතු බවයි.

ඉන් අනතුරුව අන්තර්වාර රජයක් පිහිටුවිය යුතු බවත් විපක්ෂය කියා සිටිනවා.

ඩකා අගනුවර පසුගිය සති අන්තයේ ෂීක් හසීනාට ධුරයෙන් ඉවත් වෙන්නැයි බල කරමින් විරෝධතා පැවැත්වුණා.

මිර්සා ෆකුරුල් ඉස්ලාම් අලම්ගීර් විසින් එම විරෝධතා මෙහෙයවීම කර තිබෙනවා.

රට අස්ථාවර කිරීමට උත්සාහ ගැනීම නම් චෝදනාව මත පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.