ගුවන් යානා ඉන්ධන මිල සියයට 79කින් ඉහළට

Report

මසක් තුළ සිදු කළ දෙවන මිල සංශෝධනය ලෝක වෙළෙඳපොළේ පවතින අස්ථාවරත්වය හමුවේ බංග්ලාදේශය විසින් ගුවන් යානා ඉන්ධන මිල 79% කින් ඉහළ නංවා ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙය මෙම මාසය තුළ එරට ගුවන් යානා ඉන්ධන මිල ඉහළ දැමූ දෙවන අවස්ථාව ලෙස වාර්තා වේ.

බංග්ලාදේශ බලශක්ති නියාමන කොමිසමේ සභාපති ජලාල් අහමඩ් සඳහන් කර ඇත්තේ, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි.

රිච්ටර් මාපකයේ ඒකක 7.6 ක ප්‍රබල භූමිකම්පාවක්

රිච්ටර් මාපකයේ ඒකක 7.6 ක ප්‍රබල භූමිකම්පාවක්

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව පවත්වාගෙන යන යුදමය තත්ත්වය මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී තිබේ.

යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා බංග්ලාදේශයේ ගුවන් යානා ඉන්ධන මිල සමස්තයක් ලෙස 111% කින් ඉහළ ගොස් ඇති අතර, නව සංශෝධනයට අනුව ඉන්ධන ලීටරයක මිල ඇමෙරිකානු ඩොලර් 1.32ක් දක්වා ඉහළ නංවා ඇත.

තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාවෙන් නිවේදනයක්

තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාවෙන් නිවේදනයක්

මෙම තත්ත්වය එරට ගුවන් සේවා ක්ෂේත්‍රයට සහ ටිකට්පත් මිල ගණන් කෙරෙහි සෘජුවම බලපානු ඇති බව විචාරකයෝ පවසති.