බංග්ලාදේශයට නව පිතිකරණ පුහුණුකරුවෙක්
බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් බංග්ලාදේශ කණ්ඩායමේ නව පිතිකරණ පුහුණුකරු ලෙස හිටපු නායක මොහොමඩ් අෂ්රෆුල් පත් කර ඇත.
අෂ්රෆුල් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 61ක්, එක්දින තරග 177ක්, සහ විස්සයි විස්ස තරග 23ක් ක්‍රීඩා කර ඇත.
වාර්තාවලට අනුව, ඔහු දෙසැම්බර් මාසයේ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සිට පිතිකරණ පුහුණුකරු ලෙස කණ්ඩායමට එකතු වීමට නියමිතය.
හිටපු සහාය පුහුණුකරු මොහොමඩ් සලහුදීන් තනතුරෙන් ඉවත්වීමත් සමඟ, එම තනතුර සඳහා මොහොමඩ් අෂ්රෆුල් නියම කර තිබේ.