සුබසාධක ප්‍රතිලාභ දීමනා ලබා දීම ගැන සුබ පණිවිඩයක්.

Parliament of Sri Lanka Bandula Gunawardane Sri Lanka Sri Lanka Cabinet Economy of Sri Lanka
By krishani Jul 11, 2023 09:04 AM GMT
krishani

krishani

Report

සුබසාධක ප්‍රතිලාභ දීමනා ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ය.

ඒ අනුව වැඩිහිටි ආධාර ලබන තැනත්තන්, හඳුනා නොගත් හේතු මත වූ වකුගඩු රෝගී ආධාර ලබන තැනත්තන් සහ ආධාර ලබන වෙනස් හැකියාවන් සහිත තැනත්තන් සඳහා සුබසාධක ප්‍රතිලාභ ලබා දීම සිදුවනු ඇත.

මේ අතර, ජන හා නිවාස සංගණනයක් පැවැත්විය යුතු බවට නියෝග කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම සංගණනය 2023 සහ 2024 යන වර්ෂ වල දී පැවැත්විය යුතු බව මුදල්, ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

මීට පෙර අවසන් වරට ජන හා නිවාස සංගණනයක් පවත්වා ඇත්තේ 2012 වසරේ දී ය.