බණ්ඩාරවෙල පාසලක විද්‍යාගාරයේ සිදුවූ පිපිරීමේ සංවේදී කතාවක් එළියට

Report

පසුගිය මාර්තු 23 වෙනිදා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් තුළ බීකරයක් පිපිරීම හේතුවෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලැබූ බවට වාර්තා විය.

එය පිපිරීමක් නොව ගිනි ගැනීමක් බවත් ඉන් එක් සිසුවියක් බරපතළ තුවාල ලැබූ බවත් තවත් සිසුවියක් සුළු තුවාල ලබා ඇති බවත් සඳහන් වේ. එහිදී බරපතළ තුවාල ලැබූ සිසුවිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

විද්‍යා පාඩමක් අතරතුර ශාක පත්‍ර තුළ පිෂ්ඨය පවතිනවාද යන්න පරීක්ෂා කිරීම සඳහා එතිල් ඇල්කොහොල් භාවිතා කරමින් පරීක්ෂණයක් සිදුකර තිබුණි. එහිදී ස්ප්‍රීතු ලාම්පුවක් භාවිතයෙන් රත් කිරීමේදී, ලාම්පුව තුළ ස්ප්‍රීතු අඩුවීම හේතුවෙන් දැල්ල අස්ථිරව පැවති බව සඳහන් වේ.

2026 අලුත් අවුරුදු නැකැත්

2026 අලුත් අවුරුදු නැකැත්

ගුරුවරිය ලාම්පුවට නැවත ස්ප්‍රීතු එක් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ, තවමත් දැල්ල තිබීම නිසා ගිනි ඇතිවී ඇත. බියට පත් ගුරුවරිය අතේ තිබූ ස්ප්‍රීතු කෑන් එක විසි කිරීමත් සමඟ ගිනි පැතිරී, අසල සිටි සිසුවියට එය වැදී ඇත.

ඒ සමඟම ගිනි පැතිර යාමෙන් බියට පත් සිසුවිය පිටතට දිව යාමට උත්සාහ කළද, ඇයගේ පාදය සිරවීම නිසා ප්‍රමාද වී ඇත. පසුව පිටතට පැමිණෙන විට ඇයගේ පාසල් නිල ඇඳුම ගිනිගෙන තිබූ අතර, ඇය උදව් ඉල්ලා කෑගැසුවද වහාම පිහිටක් නොලැබී ඇත.

ඇය අසළ තිබූ ගසක දල්ලක් භාවිතා කර ගිනි නිවා ගැනීමට උත්සාහ කළ අතර, පසුව ගුරුවරුන් විසින් ඇයගේ ඇඳුම ඉරා දමා ගිනි පාලනය කර ඇත. තවත් ගුරුවරියක් විසින් ඇයව ආවරණය කරමින් තවත් හානි වීම වැළැක්වීමට කටයුතු කර තිබේ.

මෙම අනතුරෙන් තවත් සිසුවියක් සුළු තුවාල ලබා ඇති බවත්, ඇය බණ්ඩාරවෙල රෝහලට රැගෙන යන අතරතුරදී එය අනාවරණය වූ බවත් සඳහන් වේ.

බරපතළ තුවාල ලැබූ සිසුවිය මුලින් බණ්ඩාරවෙල රෝහලටත්, පසුව බදුල්ල රෝහලටත් මාරු කර යවා ඇත. ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ වෙත මාරු කර යවා ඇත.

පුණ්‍ය කාලය ගැන දැනුම්දීමක්

පුණ්‍ය කාලය ගැන දැනුම්දීමක්

මේ වනවිට ඇයගේ මුහුණ, බෙල්ල සහ අත්වල ගැඹුරු පිළිස්සුම් තුවාල පවතින අතර, තවත් ශල්‍යකර්මයක් සිදු කිරීමට සැලසුම් කර තිබුණද, ඇය ඩෙංගු උණ රෝගයට ගොදුරුවීම හේතුවෙන් එය ප්‍රමාද වී ඇත.

ඒ අනුව, දැන් ඇය පිළිස්සුම් තුවාල සඳහාත් ඩෙංගු රෝගය සඳහාත් එකවර ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඩෙංගු රෝගයෙන් සුවය ලැබීමෙන් පසු ඉදිරි ප්‍රතිකාර කටයුතු සිදු කිරීමට වෛද්‍යවරුන් තීරණය කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියගේ මව චෝදනා කරන්නේ, ප්‍රාථමික ප්‍රතිකාර කිරීමට පෙර තුවාල ඡායාරූපගත කිරීම නොකළ බවත්, ප්‍රතිකාර වියදම් භාර ගැනීමට කළ පොරොන්දු ඉටු නොවන බවත්ය.

2026 සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව

2026 සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව