අනුරාධපුර නිදන් හෑරීම සිද්ධියේ උදිත් ලියනගේ ඇතුළු සැකකරුවන්ගේ ඇප ඉල්ලීම යළි ඉවතට
අනුරාධපුර, ශ්‍රවස්තිපුර, තිඹිරිකඩවල දේවාලයක අනවසර කැනීම් හේතුවෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති උදිත් ලියනගේ, ඔහුගේ බිරිය, කට්ටඩියෙකු ඇතුළු සැකකරුවන් නව දෙනා ඇප මත මුදාහැරීමේ ඉල්ලීම අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය විසින් යළි ප්‍රතික්ෂේප කරන ලදී.
මෙම නඩුව අද (02) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම් සලකා බලමින්, සැකකරුවන් සැප්තැම්බර් 08 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.
පෙරට්ටුවකදී උදිත් ලියනගේ නිදන් හෑරූ ස්ථානයේ සිටි බව පොලිස් නිලධාරීන් තිදෙනෙකු තහවුරු කළේය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිද්ධිය සිදුවූ භූමියේ පුරාවිද්‍යාත්මක වටිනාකම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
උදිත් ලියනගේට එරෙහිව බිරිය ඇතුළු සැකකරුවන් නිදහස් කිරීමට බලපෑම් කිරීම, නිදන් හෑරීමට ආධාර කිරීම, සහ රජයේ දේපළ අවභාවිතා කිරීම යන චෝදනා එල්ල වී ඇත.