සනත් නිශාන්තගේ රියදුරාට ලැබුණ අධිකරණ නියෝගය..
පසුගියදා කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට පත් විය.
අද ඔහුගේ රියදුරු ඇප මත නිදහස් කර තිබෙනවා.
ඒ අද (05) ඔහුව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කෙසේ වෙතත්, අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර රියදුරා ලක්ෂ 05ක ශරීර ඇපයක් මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර ඇත.