අත්අඩංගුවට පත් බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රී අමල් සිල්වාට ඇප

Report

ව්‍යාජ ලියකියවිලි යොදා ලියාපදිංචි කර තිබූ රුපියල් කෝටි 6 ක් වටිනා සුඛෝපභෝගී රථවාහන 3ක් සමඟ වලාන දූෂණ මර්දන ඒකකය මඟින් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වාට ඇප නියම කර ඇත.

ඒ අනුව ඔහුට අද (29) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අඳාළ ඇප නියෝගය නිකුත් කර තිබෙනවා.

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා ව්‍යාජ ලියකියවිලි යොදා ලියාපදිංචි කර තිබූ රුපියල් කෝටි 6 ක් වටිනා සුඛෝපභෝගී රථවාහන 3 ක් සමඟ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් ඊයේ (28) දින අත්අඩංගුවට ගෙන තිබුණා.

සුළු මොහොතකට පෙර ප්‍රබල හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර ප්‍රබල හිටපු මන්ත්‍රී අත්අඩංගුවට

ඒ අනුව වාර්තා වූයේ නීතිවිරෝධී ආකාරයට මෙම රථවාහන මෙරටට ආනයනය කර කූඨ ලේඛන භාවිතා කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කර තිබෙන බවයි.

එසේම මෙහිදී ලෑන්ඩ් රෝවර් සහ මිට්සුබිෂි වර්ගයේ ජීප් රථ 03ක් ද සොයා ගැනීමට සමත්ව තිබුණා.

කෙසේ වෙතත් පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි වූයේ රාජ්‍ය ආයතනවලට අයත් ගර්භිත කරන ලද වාහනවල ලියාපදිංචි අංක යටතේ කූඨ ලේඛන සකස් කළ මෙම වාහන ලියාපදිංචිකර ඇති බවයි.  

"අයියේ ගල් කන්ටේනර් දෙකක් තියෙනවා.. නිදහස් කරලා දෙන්න" - කියමින් බැකෝ සමන් මනම්පේරිව රැවටිලාලු

"අයියේ ගල් කන්ටේනර් දෙකක් තියෙනවා.. නිදහස් කරලා දෙන්න" - කියමින් බැකෝ සමන් මනම්පේරිව රැවටිලාලු

සුළු මොහොතකට පෙර මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට