ගාස්තුවක් ඉහළට - කැබිනට් අනුමැතියත් ලැබෙයි.. (PHOTO)

Election Commission of Sri Lanka Government Of Sri Lanka Election Latest Headlines
By krishani Apr 09, 2024 11:16 AM GMT
krishani

krishani

Report

ඡන්ද විමසීම සඳහා වන ඇප තැන්පත් මුදල් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ගාස්තුවක් ඉහළට - කැබිනට් අනුමැතියත් ලැබෙයි.. (PHOTO) | Bail Deposit Fees Of Election Candidates Are Up

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ගෙනා අදාළ යෝජනාවට අනුවයි.

ඒ, අනුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතු මුදල රුපියල් මිලියන 2.6ක් ඉහළ දමා ඇති බව සඳහන් වේ.

එමෙන්ම ස්වාධීන අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතුව රුපියල් මිලියන 3.1 දක්වා වැඩිකර ඇති අතර  මහ මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු සඳහාවන ඇප තැන්පතු මුදල රුපියල් 11,000ක් ලෙස වැඩිකර තිබෙනවා.

එමෙන්ම, ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකුගේ ඇප තැන්පතු මුදල රුපියල් 16,000 දක්වා ඉහළ දැමීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මෙම නව සංශෝධන යටතේ පිළිගත් දේශපාලන පක්ෂයකින් පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයෙක් රුපියල් 6,000ක ඇප මුදලක් තැන්පත් කළ යුතු වේ.

කෙසේ වෙතත්, ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙක් සඳහාවන ඇප තැන්පතු මුදල රුපියල් 11,000ක් දක්වා ඉහළ දමා ඇත.

.....................................................

May you Like


Gallery