බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් යළි අරඹන දිනය මෙන්න

Report

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් අවහිර වී විනාශ වූ  උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ අඹේවෙල අතර දුම්රිය ගමන් එළැඹෙන 20වනදා සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේය.

දැඩි සුළං තත්ත්වයක් - නිවාස තිහකට වැඩි ප්‍රමාණයක් විනාශයි

දැඩි සුළං තත්ත්වයක් - නිවාස තිහකට වැඩි ප්‍රමාණයක් විනාශයි

අයහපත් කාලගුණය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් කිලෝමීටර 70ක ප්‍රමාණයක් සම්පූර්ණයෙන් අවහිර වූ බවත්, එම ප්‍රමාණය මේ වනවිට පිළිසකරකර අවසන් බවත් ඔහු පවසයි.එහිදී අදහස් දැක්වූ ඔහු,

"බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙනවා උඩරට දුම්රිය මාර්ගයේ කිලෝමීටර 70ක් අපට අයිති. ඒක හදලා ඉවරයි. ලබන 20වනදා උදෑසන අඹේවෙලින් දුම්රියයි බදුල්ලෙන් දුම්රියයි දෙපැත්තට ධාවනය කරන්න පටන් ගන්නවා. මේ සංචාරකයෝ එන මාසය. නුවරඑළියට එන සංචාරකයා, ඇල්ලට එන සංචාරකයා මේ දුම්රිය බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කඩිනමින් මේ මාර්ගය හැදුවා"

යනුවෙන්  පැවසීය.