අයහපත් කාලගුණය නිසා පරාක්‍රම සමුද්‍රයට වුණු දේ
By Zara
පවතින අයහපත් කාලගුණය හමුවේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කර තිබෙනවා.
පරාක්‍රම සමුද්‍ර වාරි ඉංජිනේරුවරයා පැවසුවේ අද (11) පස්වරුවේ මෙසේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමට පියවර ගත් බවයි .
තව දුරටත් වර්ෂාවේ වැඩීමක් ඇති වුවහොත් වාන් දුදොරටු විවෘත කිරීම වැඩි කිරීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
විවෘත කළ වාන් දොරටු දෙකෙන් තප්පරයට ගණ අඩි 500ක ජල ධාරිතාවක් අඹන් ගඟ හරහා මහවැලි ගඟට මුදා හැරෙනවා.