බැකෝ සමන්ගේ බිරිඳ නිදහස් වෙයි
වැලිකඩ බන්ධනාගාරගතව සිට මේ මස 15 වැනිදා ඇප ලැබූ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බැකෝ සමන්ගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නැමැති සැකකාරිය, අද (26) ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව නිදහස්ව පිටව ගොස් ඇත.
රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 150,000ක මුදල් ඇප මත ඇය නිදහස් කර ඇති අතර, විදෙස් ගමන් තහනමක්ද ඇයට පනවා ඇති බව වාර්තා වේ.