T81 සමඟ කොටුවුණු බැකෝ සමන්ගේ 'ගෝලයා' රිමාන්ඩ්

Report

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (13) ඇඹිලිපිටිය ගඟේයාය ප්‍රදේශයේදී T81 වර්ගයේ ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරු 'බැකෝ සමන්'ගේ සමීපතමයා ලබන සැප්තැම්බර් 24 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

අදාළ සැකකරු ඇඹිලිපිටිය ගඟේයාය ප්‍රදේශයේ පදිංචි හෙට්ටි ලියනගේ ලක්ෂාන් නොහොත් අමිල නැමැත්තා බව පොලිසිය හඳුනාගෙන ඇති අතර, ඔහු 'බැකෝ සමන්'ගේ ගිනිඅවි ප්‍රවාහනය සහ රැකවරණය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලැබීය.

බැකෝ සමන්ගේ ගෝලයා T81 ගිනිඅවියක් සමග අත්අඩංගුවට

බැකෝ සමන්ගේ ගෝලයා T81 ගිනිඅවියක් සමග අත්අඩංගුවට

මෙම සැකකරුවගේ සන්තකයේ සොයාගත් T81 ගිනිඅවිය, උණ්ඩ 97ක්, මැගසින් 2ක් සහ හමුදා නිලඇඳුමක් ඇතුළු භාණ්ඩ තහනම් ගිනිඅවි නීතිය යටතේ වැඩබලන විනිසුරුවරයා විසින් රඳවා ගැනීමට නියෝග කර ඇත.   

'බැකෝ සමන්' මෙම වන විටත් පොලිස් අභිරක්ෂණය යටතේ ප්‍රශ්න විමර්ශනයකට යටත් වන අතර, මෙම සිදුවීම ඔහුගේ අපරාධ ජාලයේ තවත් කොටසක් බිඳ දැමීමේ පියවරක් ලෙස සැලකේ. පොලිසිය පවසන්නේ, මෙම ගිනිඅවිය 'බැකෝ සමන්'ගේ අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවයි. වැඩිදුර විමර්ශනයන් හරහා ඔහුගේ ජාලයේ වෙනත් සාමාජිකයන් හඳුනාගැනීමටත්, ගිනිඅවි තොග තහවුරු කිරීමටත් පොලිසිය කටයුතු කරමින් සිටියි.

බැකෝ සමන්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ තවත් අයෙකු අත්අඩංගුවට

බැකෝ සමන්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ තවත් අයෙකු අත්අඩංගුවට

ඉන්දියාවේ ඇසෑම්හි ගුවහාටි ආසන්නයේ භූමිකම්පාවක්

ඉන්දියාවේ ඇසෑම්හි ගුවහාටි ආසන්නයේ භූමිකම්පාවක්