බැකෝ සමන්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ තවත් අයෙකු අත්අඩංගුවට
දැනට රැදවාගෙන ප්‍රශ්ණ කරන සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කෙහෙල්බද්දර පද්මේ සමග ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගේ තවත් ගෝලයෙකු සූරියවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
39 හැවිරිදි මෙම සැකකරු බැකෝ සමන්ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී සිටි අයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ. මීට පෙරද අවස්ථා කිහිපයකදී බැකෝ සමන්ගේ විවිධ ජාවාරම්වලට සම්බන්ධ වී සිටි පුද්ගලයින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔවුන් දිවයින පුරා විවිධ ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරමින් මත්ද්‍රව්‍ය ව්‍යාපාර පවත්වාගෙන ගිය බවට මේ වන විටත් එකින් එක තොරතුරු අනාවරණ වේ.
එම තොරතුරු සහ හෝඩුවාවන් මත සිදු කරනු ලබන පොලිස් විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙවැනි අපරාධ කරුවන් සහ අපරාධ ස්ථාන හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබේ.