බැකෝ සමන්ගේ බිරිඳගේ සහ සමීපතමයින්ගේ බැංකු ගිණුම් 13ක් - මෙන්න පැටිකිරිය

By Shehan Oct 09, 2025 10:08 AM GMT
Report

රක්ෂිත බන්ධනාගාර භාරයේ පවතින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය සහ ඇයගේ සමීපතමයින්ට අයත් බැංකු ගිණුම් 13ක් මහාධිකරණ නියෝග මත තහනම් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, CID වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය මෙම දැනුම්දීම සිදු කළාය. දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් වූ ශාධිකා ලක්ෂානී නමැත්තිය මත්ද්‍රව්‍ය පනතේ 54 වැනි වගන්තිය සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර ඇති බවත්, ඇය මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා අතිවිශාල මුදල් උපයාගෙන ඇති බවට විමර්ශනවලින් හෙළිවී ඇති බවත් ඇය අධිකරණයට පැවසුවාය.

බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ් - බැංකු ගිණුම් 13ක් අත්හිටුවයි

බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ් - බැංකු ගිණුම් 13ක් අත්හිටුවයි

  

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශයේ දැනුම්දීම් මත මෙම ගිණුම් තහනම් කර ඇති අතර, ඒවායින් ශාධිකා ලක්ෂානීගේම ගිණුම් 05ක් ඇතුළත් ය. විමර්ශනවලින් හෙළිවූ සැක සම්බන්ධ කරුණු:

සහෝදරිය ලක්ෂානි දේශාංජලීගේ ගිණුම්: 2024දී රුපියල් ලක්ෂ 563ක් සහ 2025දී රුපියල් ලක්ෂ 202ක් සංසරණය වීම.

පියා පත්තිනිගේ සුනිල් ශාන්තගේ ගිණුම: රුපියල් ලක්ෂ 211ක් සංසරණය වීම. වෘත්තියෙන් ගඩොල් කපන්නෙකු වන ඔහුගේ ගිණුමේ මෙවැනි විශාල මුදල් සංසරණය වීම බරපතළ සැකයක් ඇති කර ඇත.

විදේශීය ගිණුම්: ඩුබායිහි බැංකු ගිණුම් හතරක් ඇති බවට තොරතුරු තිබිමත්, ඒවායේ අංක තවමත් සොයාගෙන නොමැති බවත් CID පැවසීය.

මෙම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා සංසරණය වී ඇතැයි සැක කරන පොලිසිය, ඒවා තැන්පත් කළ පුද්ගලයින් සහ ජාලය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටියි.

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේදී ජංගම දුරකථන 29ක්

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේදී ජංගම දුරකථන 29ක්

ශාධිකා ලක්ෂානී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තහවුරු කරන ප්‍රකාශ 03ක් මේ වන විට සටහන් කර ඇත. ඇඹිලිපිටියේ හෙරොයින් කිලෝ 38ක සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධ නඩුවේ රක්ෂිත භාරයේ පවතින විත්තිකරුවන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කිරීමට අවසර ඉල්ලා CID අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විසින් රක්ෂිත බන්ධනාගාරගත කිරීම ඉල්ලූ අතර, සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සාක්ෂි නොමැති බව පෙන්වා දුන්නේය. මහේස්ත්‍රාත්වරයා මුදල් විශුද්ධිකරණ පනත යටතේ කරුණු සලකා බලා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

අන්තිම සටනේ ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනතාව සමූල ඝාතනය කරා මම ඊට සාක්ෂියි - මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්

අන්තිම සටනේ ශ්‍රී ලංකා හමුදාව දෙමළ ජනතාව සමූල ඝාතනය කරා මම ඊට සාක්ෂියි - මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්

බැංකු ගිණුම් 13 තහනම් කිරීමේ විස්තර වාර්තාවට ඇතුළත් නොකිරීම පිළිබඳ මහේස්ත්‍රාත්වරයාගේ විමසිල්ලට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය, එම විස්තර ලබන වාර්තාවට ඇතුළත් කරන ලෙස පොලිසියට උපදෙස් දී ඇති බව පැවසුවාය.

මත්ද්‍රව්‍ය සම්බන්ධතාවය පිළිබඳ විමර්ශන සිදුකර මීළඟ නඩු දිනයේ වාර්තා ඉදිරිපත් කිරීමට CID ට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, ශාධිකා ලක්ෂානී ලබන 23 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

ෆොන්සේකා කිව්වා වගේ මහින්දව කකුල් දෙකෙන් එල්ලන්න ඕනේ විමල් විරවංශ කියයි

ෆොන්සේකා කිව්වා වගේ මහින්දව කකුල් දෙකෙන් එල්ලන්න ඕනේ විමල් විරවංශ කියයි