2027 අයවැයෙන් මේ ආධාර මුදල රුපියල් ලක්ෂ 15 දක්වා ඉහළට
2027 වර්ෂයේ අයවැය යෝජනා අනුව නිවාස ආධාර මුදල රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 15 දක්වා ඉහළ නැංවීමටත්, 2027 වසර තුළ නිවාස 10,000ක් ජනතා අයිතියට පත් කිරීමටත් සැලසුම් කර තිබේ.
2025 වසරේදී නිවාස 3,000ක් සහ 2026 වසරේදී නිවාස 9,700ක් ජනතා අයිතියට පත් කරමින් ක්‍රියාත්මක කළ නිවාස වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින්, නිවාස ආධාර ලබාදීමේ පවතින නිර්ණායක සංශෝධනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (17) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙහිදී, මෙතෙක් තාවකාලික නිවාස ඉදිකරගෙන සිටින පවුල් වෙත ආධාර ලබාදීමේ වැඩසටහනට අමතරව, ආර්ථික අපහසුතා හේතුවෙන් අඩක් ඉදිකර නතර කර ඇති නිවාස ද සම්පූර්ණ කරගැනීම සඳහා ආධාර ලබාදිය හැකි පරිදි නව නිර්ණායක සකස් කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.
නිවාසයක් යනු පවුලක ආරක්ෂාව, අභිමානය සහ අනාගත බලාපොරොත්තු රැඳී පවතින ජීවන පදනමක් බැවින්, නිවාසයක් ඉදිකර ගැනීමේ සිහිනය අතරමග නතර වී ඇති පවුල්වලට ද එම සිහිනය සැබෑ කරගැනීමට අවස්ථාව සැලසීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණකි.
ශෂී වීරවංශගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි - වසර දෙකක සිර දඬුවම සහ රුපියල් ලක්ෂයක දඩ මුදලක්
මෙම සාකච්ඡාව සඳහා නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා, නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා, අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.