ගංවතුරට අතරමංවෙලා මී හරක් රංචුවත් එක්ක ගවමඩුවට ආ අලි පැංචා. - බලන්නකෝ එකම රැලේ ඉන්න හැටි. - (VIDEO)
මහවැලි ගග පිටාර ගැලීම හේතුවෙන් පොළොන්නරුව දිවුලාන - විල්ලුව පිටාර ගැලීමත් සමඟ තම රැළෙන් වෙන්ව අතරමංව සිටි වන අලි පැටවෙකු ඊයේ දහවල් මී හරක් රංචුවක් සමග දිවුලාන ගම්මානයයේ පිහිටි ගවමඩුවක් වෙත පැමිණ තිබෙනවා.
ගම්වැසියන් පවසන්නේ, මෙලෙස මී හරක් රංචුවක් සමග දිවුලාන ගම්මානයේ පිහිටි ගව මඩුවක් වෙත පැමිණ සිටින මෙම වන අලි පැටවා සෝමාවතිය රක්ෂිතයේ සැරිසරන වයස අවුරුදු 4-5ත් අතර පසුවන උස අඩි 05ක් පමණ වන අලි පැටවෙකු බවයි.
මී හරක් රංචුව සමග ඉතා සමීපව සැරිසරන මෙම අලි පැටවා දැක බලා ගැනීම සඳහා විශාල පිරිසක් එම ගව මඩුව වෙත පැමිණෙමින් සිටියා.
එමෙන්ම රැළෙන් මග හැරී ගම්මානය වෙත පැමිණ සිටින මෙම අලි පැටවා පිලිබදව ගම්වාසීන් විසින් පොළොන්නරුව වනජීවී කාර්යාලයේ වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබුනා.