වසර 18කට පසු ආයුර්වේද වෛද්‍යවරුන්ට සුවිශේෂී දීමනාවක්. - දැන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.
මෙතෙක් බටහිර වෛද්‍ය ක්ෂේත්‍රයේ නිරත වෛද්‍යවරුන්ට පමණක් සීමා වී තිබූ අමතර සේවා දීමනාව රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ට ද ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි පවසනවා.
ඒ, අනුව වසර 18කට වැඩි කාලයක් තිස්සේ අවස්ථා ගණනාවක දී ආයුර්වේද වෛද්‍යවරුන් එම ඉල්ලීම සිදු කරමින් සිටි බව සිහිපත් කළ රාජ්‍ය අමාත්‍යවරයා එම ඉල්ලීම යතාර්ථයක් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැදිහත්වීම සම්බන්ධයෙන් ස්තුති කරන බව ද ඔහු කියා සිටියා.
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (07) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.