අං සහිත මී මැසි වර්ගයක් ඔස්ට්‍රේලියාවෙන් සොයා ගැනේ
කුඩා අං සහිත නව දේශීය මී මැසි විශේෂයක් ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නව මී මැසි වර්ගයා යක්ෂයෙකුගේ වැනි අං ඇති බව සදහන් වේ .
ඒ වගේම මී මැසි වර්ගයා 'ලුසිෆර්' ලෙස හඳුන්වයි.
තවද විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ මෙම කැපී පෙනෙන 'අං' ගැහැණු මී මැස්සන්ට පමණක් ඇති බවද මොවුන් හැඳින්වීමට භාවිතා කරනු ලබන 'ලුසිෆර්' යනු ලතින් භාෂාවෙන් "ආලෝකය ගෙන එන්නා" යන අර්ථය ඇති බවයි.
මෙම නව මී මැසි විශේෂය, වාසස්ථාන වෙනස්වීම් සහ දේශගුණික විපර්යාස වැනි සාධක මත වඳවීමේ තර්ජනයට ලක්වීමේ ඉඩකඩ ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.