පිරිසක් නිවසකට පැන බඩුමුට්ටු කුඩු කර සිදු කළ කැත වැඩේ..
Crime
srilanka
attack
By Sithumi
බත්තරමුල්ල උඩුමුල්ල මාර්ගයේ කෝට්ටගේවත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ (27) රාත්‍රියේ කඩු සහ ගිනිඅවි රැගෙන පැමිණි පිරිසක් එහි දේපළවලට හානි සිදුකර පළාගොස් තිබේ
. ප්‍රදේශයේ පදිංචි සුරංග නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙම පහරදීම සිදුකළ බව එම නිවැසියන් පවසයි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු නිවසේ සිටි කාන්තාවක් පැවසුවේ ආයුධ අතැතිව පැමිණි සිව්දෙනෙකු මෙම පහරදීම සිදුකළ බවය. "හතරදෙනෙක් බයික්වලින් ඇවිත් බැස්සා. සුරංග අවේ කෑගහගෙන. අතේ පොල්ලක් තිබුණා.
ආයේ මන්නයක් තිබුණා. පිස්තොල දෙකක් තිබුණා. ඇවිල්ලා ඔක්කෝම කුඩු කරලා දැම්මා." චෝදනා එල්ලවන සුරංග මින් පෙර කළ පහරදීමකින් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සුරංගගේ මව සහ නැගණිය තලංගම පොලිසිය වෙත ඊයේ රැගෙන ගොස් තිබුණි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |