ගාලු මුවදොර දී මාධ්‍යවේදීන් දෙදෙනෙක්ට පහරදීමක්..(VIDEO)

Galle Face Protest Sri Lankan protests Sri Lanka Economic Crisis SL Protest
By Sewvandhi Apr 26, 2022 04:27 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ගාලු මුවදොර අරගල භූමිය පරිශ්‍රයේ වාර්තාකරණයේ නිරතවෙමින් සිටි මාධ්‍යවේදීන් දෙදෙනෙක්ට පහරදීමක් සිදුව ඇතැයි වාර්තා විය. ඒ අරගල භූමියට පැමිණ සිටි පිරිසකගෙනි.

එම පිරිස විසින් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා එල්ල කර තිබූ බව වැඩිදුරටත් වාර්තා විය. මේ අතර ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට වහාම ඉවත් වන ලෙස බල කරමින් ගාලු මුවදොර පැවැත්වෙන මහජන විරෝධතාව අද 18 වන දිනටත් ක්‍රියාත්මකය.

රඹුක්කනදී පොලිස් වෙඩි පහරින් මියගිය චමින්ද ලක්ෂාන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් අවමංගල පෙරහැරක්ද ඊයේ අරගල භූමියේදී සංවිධාන කර තිබුණි. එමෙන්ම ගාලු මුවදොර අරගලයට සහභාගීවී යළි නිවස බලා යමින් සිටින අතරතුර පසුගියදා රිය අනතුරකට ලක්ව මියගිය තේජාන් සඳරුවන් තරුණයා ද සිහිකරමින් විරෝධතා භුමියේ ඉටිපන්දම් දැල්වීම සිදුකෙරුණි.

කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටද තවත් පිරිසක් අඛණ්ඩ මහජන උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. මෙහිදී විරෝධතාකරුවන් චෝදනා කළේ පදික වේදිකාවේ නවතා තැබූ ලොරි රථයකට ගොඩවූ පුද්ගලයෙකු එය පසුපසට ධාවනය කර තමන්ව අනතුරට ලක් කිරීමට උත්සාහ කළ බවටය. විරෝධතාකරුවන් අද පෙරවරුවේ අරලියගහ මන්දිරය ඉදිරිපිට අට්ටාලයක්ද සවිකර අඛණ්ඩ විරෝධතාවයක් ආරම්භ කර තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now