බද්දේගම උපසභාපතිට පහරදුන් පුද්ගලයා රිමාන්ඩ්

Report

බද්දේගම ප්‍රාදේශීය සභාව් උපසභාපතිවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 31වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

මෙලෙස පහරදුන් සැකකරු සැඟව සිට දින 4කට පසුව නීතීඥයෙකු මාර්ගයෙන් පෝද්දල පොලීසියට භාරවී ඇත.

පසුව සැකකරු ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් සමීර දොඩම්ගොඩ මහතා හමුවට ඉදිරිපත්කළ අතර එහිදී ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

රනිල් අද අධිකරණයට - ආයෙත් ඇවිස්සුණු රනිල්ගේ නඩුව

රනිල් අද අධිකරණයට - ආයෙත් ඇවිස්සුණු රනිල්ගේ නඩුව

පසුගිය 24 වනදා බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් සී. ලියනගේ මහතාට සැකකරු විසින් පහරදී ඇති බවට පැවසෙන අතර පහරකෑමෙන් තුවාල ලැබු උපසභාපතිවරයා ගාල්ල ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රථිකාර ලබාගෙන ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ධුරයෙන් නෙරපන්න - නව ජනතා පෙරමුණ

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ධුරයෙන් නෙරපන්න - නව ජනතා පෙරමුණ