යුධ ගිනි ආයෙමත් අවුලවමින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට ප්‍රහාරයක් - එක් අයෙක් මරුට
ඉරානයේ බුෂේහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාරය අසලට එල්ල වූ ප්‍රහාරයක් එල්ලවී ගෝලීය න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය සදහන් කර තිබේ.
එම ආයතනය මේ සම්බන්ධය සිය කනස්සල්ල පළ කරන බව එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් එම ආයතනය සදහන් කර ඇත ඔවුන් සඳහන් කරන්නේ කෙසේවෙතත් විකිරණ මට්ටම්වල වැඩිවීමක් වාර්තාවී නොමැති බවයි .
න්‍යෂ්ටික බලාගාර ස්ථාන සහ අවට ප්‍රදේශ කිසි විටෙකත් පහර නොදිය යුතු බවට ගෝලීය න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ .
එමෙන්ම ගෝලීය න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය හමුදාවෙන් ඉල්ලා සිටින්නේ න්‍යෂ්ටික අනතුරක් වළක්වා ගැනීම සඳහා උපරිම සංයමයක් යුතුව කටයුතු කරන ලෙසයි.
ඉරානයේ බුෂේහ්ර් න්‍යෂ්ටික බලාගාරය අවට ප්‍රදේශයට වත්මන් යුද්ධය අතරතුර සිව්වන වරටත් අද (04) ප්‍රහාරයක් එල්ලවී තිබුණි ඉරානයේ පරමාණුක බලශක්ති සංවිධානයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා මේ බව ප්‍රකාශ කර ඇත.
ප්‍රහාරයෙන් බලාගාරයේ භෞතික ආරක්ෂක සේවකයෙකු මිය ගිය ගොස් තිබෙන බව වාර්තා වෙයි.
එය අමෙරිකානු - ඊශ්‍රායල ප්‍රහාරයක් වනු ඇතැයි ඉරානයේ පරමාණුක බලශක්ති සංවිධානය චෝදනා කරයි .
අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ප්‍රහාරය තහවුරු කර නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ය බුෂේහ්ර් යනු ඉරානයේ ඇති එකම ක්‍රියාකාරී න්‍යෂ්ටික බලාගාරය වේ .