අතුරුදන් අමෙරිකානු ගුවන් නියමුවා සොයා ගැනීමට සහය දෙන අයෙකුට ඉරානයෙන් වටිනා ත්‍යාග මුදලක්

Report

ඉරානය විසින් බිම හෙළු අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා අල්ලා ගැනීමට සහයෝගය ලබාදෙන ලෙස ඉරාන රජය එරට ජනතාවගෙන් එල්ලා තිබේ.

ටෙහෙරාන් රජය ඉරාන වැසියන්ට පොරොන්දුවක් ලබාදී තිබෙනුයේ එම ගුවන් භටයා අල්ලා ගැනීමට උදව් කරන ඕනෑම පුරවැසියෙකුට අමෙරිකානු ඩොලර් 66,100(රු. කෝටි 2කට වැඩි)ක ත්‍යාගයක් ලබා දෙන බවයි.

 ඉරාන ආරක්ෂක අංශ ඊයේ (3) එල්ලකළ මෙම ප්‍රහාරයෙන් F-15 වර්ගයේ අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් කඩා වැටුණි.

එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙකු දිවි බේරාගැනීමට සමත්විය. මෙම අනෙක් නියමුවා මේ වනවිට අතුරුදහන් වී තිබේ.

මෙම මෙරිකානු ප්‍රහාරක ජෙට් යානයේ සිය සිටි කාර්ය මණ්ඩල සාමාජිකයා සෙවීම සඳහා අමෙරිකාව අඛණ්ඩ මෙහෙයුමක් ආරම්භ කර ඇත