දිනුවත් පංජාබ් කණ්ඩායමට ලොකු දඩයක් - ලෝකෙම හැරිලා බලපු හේතුව මෙන්න
By Kaushi
IPL තරගාවලියේ ඊයේ (03) දින රාත්‍රියේ පැවති චෙන්නායි සුපර් කින්ග්ස් සහ කින්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම් අතර තරගයේ මන්දගාමි පන්දු යැවීමේ වේගයක් පවත්වා ගැනීම හේතුවෙන් පංජාබ් කණ්ඩායමට දඩ පනවා ඇත.
ඒ අනුව පන්ජාබ් කණ්ඩායමේ නායක ශ්‍රියාස් අයියර්ට ඉන්දීය රුපියල් ලක්ෂ 24ක් සහ එම කණ්ඩායමේ සෙසු ක්‍රිඩකයින්ට ඉන්දිය රුපියල් ලක්ෂ 6ක් හෝ තරග මුදලින් සියයට 25ක දඩ මුදලක් පැනවීමටයි තීරණය වී ඇති බව වාර්තා වේ.
එසේම පන්ජාබ් කණ්ඩායම මෙම වරද සඳහා මෙවර IPL තරගාවලියේ දඬුවම් ලබන දෙවන අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.
කෙසේ වුවත් ඊයේ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම පරදා ලැබූ ජයග්‍රහණය සමඟ පන්ජාබ් කණ්ඩායම මේ වන විට සහභාගී වූ තරග දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටින බව සඳහන්.