ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යාමත් සමඟ මේ රාජ්‍යයෙන් සියලු අමාත්‍යවරුන්ට නිල නිවේදනයක්
මැදපෙරදිග මතුවව ඇති යුද ගැටුම්වල ප්‍රතිඵලයක් වශයෙන් ඉන්ධන මිල විශාල ලෙස ඉහළ යාමත් සමඟ සෙනගල් රාජ්‍යය අමාත්‍යවරුන්ට අත්‍යවශ්‍ය නොවන සියලුම විදේශ සංචාර තහනම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සෙනගාල අග්‍රාමාත්‍ය සොන්කෝ නයිජර් විසින් මේ බව නිල වශයෙන් නිවේදනය කරමින් එරට සියලුම අමාත්‍යවරුන්ට දන්වා ඇති බවයි.
එසේම මෙම සීමාවේ පියවරක් වශයෙන් සෙනගල් අග්‍රාමාත්‍යවරයා විසින් නයිජර් සහ ස්පාඤ්ඥයට යන ඔහුගේම සංචාර කල් දැමීමට පියවර ගෙන ඇති අතර ඉදිරි සතිය තුළ රජයේ වියදම් සීමා කිරීම වෙනුවෙන් පියවර ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය දක්වයි.
ඊට අමතරව ඔහුගේ කාර්යාලය රාජ්‍ය වියදම් සීමා කිරීමටද පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කෙසේ වෙතත් බොහෝ අප්‍රිකානු රටවල් මෙන් සෙනගාලයද සිය පරිභෝජනය සඳහා ඛනිජ තෙල් නිෂ්පාදන බොහොමයක් ආනයනය කරන රටක් වන අතර බොරතෙල් මිල ඉහළ යාමට හේතුවූ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ඇතිවූ බලපෑම ඔවුන්ටද මෙසේ අත්විඳීමට සිදුව ඇත.