යුද්ධේ තවත් තිබ්බොත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවලට වෙන විනාසේ වළක්වන්න බෑ - මුළු ආසියාවටම වෙන දේ ගැන අනතුරු අඟවයි

Report

මැදපෙරදිග මතුව ඇති යුදමය තත්ත්වයන් තවදුරටත් පැවතියහොත් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල්වලට දැඩි බලපෑම් එල්ල වෙනු ඇති බවට ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු සඳහන් කළේ යුද්ධය අවසන් කිරීමට අදාළ රටවලට අවශ්‍යතාවයක් හෝ වුවමනාවක් පෙන්නුම් නොකරන බවත් මේ නිසා ආසියාතික රටවල් දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇති බවත්ය.

එමෙන්ම ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කර මේ වන විට දින 36ක් ගතව ඇති බැවින්, ඇතිව ඇති සහ ඉදිරියේදී මතුවන තත්ත්වයන් පිළිබඳවද අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

යුද ගිනි මැද ලංකාවට තවත් අසුබ පුවතක් - ලංකාවේ පොල්වලටත් නරක කාලයක්

යුද ගිනි මැද ලංකාවට තවත් අසුබ පුවතක් - ලංකාවේ පොල්වලටත් නරක කාලයක්

ටියුඩර් වීරසිංහ මහතා එහිදී අදහස් දක්වමින් කියා සිටියේ මෙම තත්ත්වයන් තුළ ආසියාතික රටවල් දැඩි අභියෝගයන්ට මුහුණ දෙන බවත් එනිසා එම රටවල් ඇතුළතින් ඇතිවන ප්‍රතිරෝධයද තවදුරටත් ඉහළ යා හැකි බවයි.

එසේම එහිදී ආසියාතික රටවල් තුළ රටවල් ඇතුළතින් ඇතිවන සමාජ සහ දේශපාලන ප්‍රතිවිරෝධතාවයන්ද ත්‍රීව්‍ර වනු ඇති බවත් ඒ අනුව ආසියාතික රටක් වන ශ්‍රී ලංකාවද මෙම අභියෝගයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ඔහු පැවසුවා.

තවද මැදපෙරදිග මතුව ඇති මෙම යුදමය තත්ත්වය නිසා මතුව ඇති තත්ත්වය මේ වන විට ආර්ථික අර්බුදයක් කරා ගමන් කර ඇති බවත් එය ලෝක ආර්ථිකයට දැනෙමින් පවතින අර්බුදයක් දක්වා මේ වන විට ගමන් කර ඇති බවත් පෙන්වා දුන් ටියුඩර් වීරසිංහ මහතා මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එය ආර්ථික අවපාතයක් දක්වා ගමන් කරනු ඇති බවත් සඳහන් කළා.

යුද උණුසුම මැද ලංකාවට එන්න යන දැවැන්ත අර්බුදය - සියලුම ආහාරවල මිල 15%න් වැඩි වෙන බවට අනතුරු ඇඟවීමක්

යුද උණුසුම මැද ලංකාවට එන්න යන දැවැන්ත අර්බුදය - සියලුම ආහාරවල මිල 15%න් වැඩි වෙන බවට අනතුරු ඇඟවීමක්

"මේ යුද්ධය නිසා ගෝලීය ආර්ථිකය තුළ සැපයුම්ජාල සහ ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථාන අක්‍රීය වීම නිසා දින 36ට එහා මේක ගියොත් වැඩිපුර බලපෑම ආසියාතික කලාපයේ රටවලට ලැබෙනවා. මොකද මැදපෙරදිග රටවල තෙල් වැඩිපුර පරිභෝජනය කරන්නේ ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, සිංගප්පූරුව ඇතුළු මේ ආසියාතික රටවල්. මේක තවදුරටත් වර්ධනය වුනොත් රටවල් ඇතුළේ තිබෙන ආර්ථික ප්‍රතිවිරෝධතාවයන් තවත් උත්සන්න කරනවා විතරක් නෙමෙයි සමාජ සහ දේශපාලන ප්‍රතිවිරෝධතාවයන්ද උත්සන්න කරනවා. ඒක තුළ අපේ රටවල් තුළත් යම් කිසි රාජ්‍ය බලය, ආණ්ඩු බලය තවදුරටත් පවත්වාගෙන යාම තියුණු අභියෝගයක් බවට පත්වෙන්න පුළුවන්." යුද්ධය නැවතුනත් නැවත ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට වසර 2ක් වැනී දීර්ඝ කාලයක් බොහෝ විට ඊට වඩා වැඩි කාලයක් යනවා. මොකද අපි දන්නවා කොවිඩ් වසංගතයෙන් ඇතිවෙච්ච බලපෑම, ලෝක ආර්ථික පසුබැස්ම තවම ආවරණය කරගන්න බැරිවෙලා තිබෙනවා. මේ තත්ත්වය මේකෙදි ඊට වඩා කිහිප ගුණයකින් වර්ධනය වෙන්න පුළුවන් මේ පවතින දින ගාන මාස ගාන දික්වීම තුළ."

අමෙරිකාව කළඹමින් ඉරානයෙන් වෙඩි- ඉරානයට ඉහළින් ගිය අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළයි

අමෙරිකාව කළඹමින් ඉරානයෙන් වෙඩි- ඉරානයට ඉහළින් ගිය අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළයි

යුධ ගිනි ඇවිලෙයි - ඊශ්‍රායලයෙන් ඉරානයට හා ලෙබනනයට ප්‍රහාර මාලාවක් - තත්ත්වය දරුණුයි

යුධ ගිනි ඇවිලෙයි - ඊශ්‍රායලයෙන් ඉරානයට හා ලෙබනනයට ප්‍රහාර මාලාවක් - තත්ත්වය දරුණුයි