ජාතික විදුලි උත්පාදනයට ජලය සපයන කාසල්රි ජලාශයේ ප්‍රධාන දුපතේ විශාල ගින්නක් - පාලනයට කිසිවෙක් නෑ
By Kaushi
ජාතික විදුලි උත්පාදනයට ප්‍රධාන ලෙස ජලය සපයන කාසල්රි ජලාශයේ ප්‍රධාන දුපතේ අද (04) දින පස්වරුවේ ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වේ.
එම ජලාශයේ ධීවරයෝ ප්‍රකාශ කරන්නේ කාසල්රි ජලාශයේ සංචාරක හෝටලයට පහළින් වූ රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවයි.
එසේම ඔවුන් චෝදනා කරන්නේ කාසල්රි ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීමත් සමඟ ගිනිගන්නා දූපතට පහසුවෙන්ම ගමන් කළ හැකි බැවින් එම දුපත නැරඹීමට ගිය කිසියම් පිරිසක් විසින් ගිනි තබන්නට ඇති බවයි.
මෙම දූපත තුළ කාසල්රි ජලාශ ජල පෝෂක ප්‍රදේශයට ආවේණික වූ පක්ෂීන් විශාල පිරිසක් කූඩු බැද ඇති බවත්, පැතිර යන ගින්න පාලනයට කිසිවෙක් ඉදිරිපත් වී නැති බවත් කාසල්රි ජලාශයේ ධීවරයින් පවසයි.