ගම්මන්පිලගේ පොතේ උත්සවේ මැදින් සජිතුත් නැගිටලා ගිහින්ද? ඔක්කොටම තිබ්බ ප්‍රශ්නෙට උත්තර මුජිබර්ගේ කටින්ම පනී[VIDEO]

Report

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් රචිත "පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු" කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අද (04) දින තහවුරු කර තිබෙනවා.

එහෙත් සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී නොවූ බවත් සජිත් ප්‍රේමදාස මහතා ඊට පෙනී සිටීම AI තාක්ෂණයෙන් කළ එකක් බවත් සඳහන් කර ඇත.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා ගිය කෘතියෙන් විපක්ෂය කැළඹෙයි - උත්සවය අතරමැද වෙච්චි දෙයින් කට්ටියම නැගිටලා යයි

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා ගිය කෘතියෙන් විපක්ෂය කැළඹෙයි - උත්සවය අතරමැද වෙච්චි දෙයින් කට්ටියම නැගිටලා යයි

එවැනි පසුබිමක් තුළ අද(04) දින පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මෙසේ අදහස් දක්වා ඇත.

මාධ්‍යවේදියා -" විපක්ෂ නායකතුමා මොකද දන්නේ නැහැ මගදි නැගිටලා ගියේ ?"
පා.ම. මුජිබර් රහුමාන් - "ඒක ඉතින් එතුමාගෙන්ම තමයි අහන්න වෙන්නේ."
මාධ්‍යවේදියා - "එතුමා සහභාගී වුණාද ?"
පා.ම. මුජිබර් රහුමාන් - "එතුමා සහභාගී වෙලා තිබුණා."
මාධ්‍යවේදියා - "ඔබතුමාලගේ පක්ෂයේ යම් යම් කට්ටිය කියනවා..AIවලින් ගියා කියලා ? ඔබතුමා ස්ථීර කරනවාද සහභාගී වුණා කියලා ?."
පා.ම. මුජිබර් රහුමාන් - "මහලේකම්තුමා කිව්වානේ එතුමා සහභාගී වුණා කියලා."

'' පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම'' තම පොතේ ව්‍යාජ අනුවාදයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා ගම්මන්පිල කියයි

'' පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම'' තම පොතේ ව්‍යාජ අනුවාදයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා ගම්මන්පිල කියයි

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විසින් රචිත "පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු" කෘතිය එළිදැක්වීමේ අවස්ථාව ඉකුත් දින කොළඹදී පවත්වා තිබුණා.

එම අවස්ථාවට මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ යන හිටපු ජනාධිපතිවරුන්, හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන්, දේශපාලන විචාරකයන් මෙන්ම තවත් අමුත්තනක් රැසක් එක්වී සිටි බව සඳහන්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් විශේෂ නියෝගයක් - අප්‍රේල් 10 ට පසු කල් නොදෙන බවත් දන්වයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් විශේෂ නියෝගයක් - අප්‍රේල් 10 ට පසු කල් නොදෙන බවත් දන්වයි

 අඳාළ වීඩියෝව පහතින් උපුටා දක්වා ඇත,