ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය වීම සිහිපත් කරන පාස්කු ඉරිදා දිනය හෙට
By Kanchana
ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය වීම සිහිපත් කරන පාස්කු ඉරිදා දිනය හෙට (05 දා) කිතුනුවෝ මහත් බැතියෙන් සමරනු ලබයි.
මේ නිමිත්තෙන් හෙට සියලුම කිතුනු දෙව්මැඳුරුවල විශේෂිත පාස්කු දේව මෙහෙයන් පැවැත්වීමට නියමිතය මැද පෙරදිග යුද්ධය සමථයකට පත් කරන ලෙසත්, මිනිසා අතර වෛරය, ක්‍රෝධය දුරුවී සාමය තහවුරු කරන ලෙසත් මෙම දේව මෙහෙයන්වලදී යැදීමට නියමිතව තිබේ.
ඊයේ මහ සිකුරාදා දෙව්මැඳුරු රාශියක පාද නමස්කාර, කුරුස සිපාචාර සිදුකෙරිණි.
මීගමුව දූවේ, මග්ගොන හිනිදුම ඇතුළු ප්‍රසිද්ධ වන්දනා ස්ථානවල පාස්කු වැඩසටහන්ද පවත්වා තිබේ .