අස්වැසුම ගැන මහ බැංකුවෙන් වාර්තාවක් - මේ අයට විශේෂ දීමනා සැපයීමට සැලසුම්

Report

ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කරන ලද නවතම වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවට අනුව, 'අස්වැසුම' සුබසාධන යෝජනා ක්‍රමය යටතේ ඉකුත් 2025 වර්ෂය තුළ පවුල් මිලියන දෙකක ප්‍රමාණයකට ප්‍රතිලාභ ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව රජය ඒ සඳහා වැය කර ඇති සමස්ත මුදල රුපියල් බිලියන 148.4 ක් බව සඳහන්.

එමෙන්ම අඳාළ වාර්තාව පෙන්වා දෙන්නේ 2024 වර්ෂය හා සැසඳීමේදී ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව මෙන්ම ඒ සඳහා වූ පිරිවැය ද ඉහළ ගොස් ඇති බවයි.

රාජ්‍ය සේවය ලබාගන්න යන මහජනතාවට සුබ ආරංචියක් - චක්‍රලේඛයක් මඟින් සියලු නිලධාරීන්ට දැනුම් දෙයි

රාජ්‍ය සේවය ලබාගන්න යන මහජනතාවට සුබ ආරංචියක් - චක්‍රලේඛයක් මඟින් සියලු නිලධාරීන්ට දැනුම් දෙයි

එමෙන්ම 2024 වසරේදී පවුල් මිලියන 1.8 ක් සඳහා රුපියල් බිලියන 145.6 ක මුදලක් වැය කර තිබෙනවා.

මේ අතර අස්වැසුම වැඩසටහන මඟින් ඉදිරි වර්ෂ සඳහා ද පැහැදිලි ඉලක්කගත සැලසුම් ඉදිරිපත් කර ඇති බව ද වාර්තා වේ.

එබැවින් 2026 සහ 2027 මුල් භාගය තුළ පවුල් මිලියන 1.92 ක් වෙනුවෙන් දීමනා ලබාදීමට අපේක්ෂා කරයි.

ඊට අමතරව ආබාධ සහිත පුද්ගලයින්, නිදන්ගත වකුගඩු රෝගීන් සහ වයෝවෘද්ධ පුරවැසියන් ඇතුළුව පුද්ගලයින් මිලියන 1.27 ක් ආවරණය වන පරිදි විශේෂ දීමනා සැපයීමට ද මෙම යෝජනා ක්‍රමය හරහා සැලසුම් කර ඇති බව මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

අර්තාපල් ගොවීන්ට හෙට සිට විශේෂ වැඩපිළිවෙළක් - කිලෝවක් රුපියල් 220කට මිලට ගන්න සැරසෙයි

අර්තාපල් ගොවීන්ට හෙට සිට විශේෂ වැඩපිළිවෙළක් - කිලෝවක් රුපියල් 220කට මිලට ගන්න සැරසෙයි

‍ලංකාව වටේට ඇති වායුගෝලීය කැළඹිමේ නවතම තත්ත්වය මත රටටම නිවේදනයක් - ඉදිරි දින 07 තුළ වෙන්නේ මේකයි

‍ලංකාව වටේට ඇති වායුගෝලීය කැළඹිමේ නවතම තත්ත්වය මත රටටම නිවේදනයක් - ඉදිරි දින 07 තුළ වෙන්නේ මේකයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ ජලාශ වල වාන් දොරටු විවෘත කරයි - ජනතාව අවධානයෙන් සිටින්න

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ ජලාශ වල වාන් දොරටු විවෘත කරයි - ජනතාව අවධානයෙන් සිටින්න