අස්වැසුම ලැබෙනකම් මඟ බලපු අයට සුභ ආරංචියක්
By Ashfa
අස්වැසුම හෙට (19) බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කර ඇත.
ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ ප්‍රතිලාභී පවුල් 999,502 කට රු. 9,241,892,500.00 (රුපියල් නව බිලියන දෙසිය හතළිස් එක් මිලියන අටසිය අනු දෙදහස් පන්සියය) ක මුදලක් බැර කිරීමට නියමිතව ඇත.
දෙවන අදියරේ ප්‍රතිලාභී පවුල් 212,955 කට රු. 2,321,735,000.00 (රුපියල් බිලියන දෙකයි මිලියන තුන්සිය විසි එකයි හත්සිය තිස් පන් දහස) ක මුදලක් බැර කිරීමට නියමිතයි.