අස්වැසුමට සංගමයකින් චෝදනාවක් - ජනතාව සහ බැංකු සේවකයිනුත් අපහසුතාවයට..

Sri Lanka Economic Crisis Sri Lanka Economy of Sri Lanka
By krishani Aug 02, 2023 06:12 PM GMT
krishani

krishani

Report

අස්වැසුම වැඩසටහන නිසි කළමනාකරණයකින් තොරව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රාජ්‍ය බැංකු පද්ධතියට බලපෑම් සිදුව ඇති බව ලංකා බැංකු සේවක සංගමය සඳහන් කළේ ය.

දිවයින පුරා සියලු රාජ්‍ය බැංකු ඉදිරිපිට ප්‍රතිලාභින් ගිණුම් ආරම්භ කිරීමට පෝලීම්වල රැඳී සිටිම හේතුවෙන් දෛනික බැංකු සේවාවන්ට ද බලපෑම් එල්ල වී ඇති බව වැඩිදුරටත් එම සංගමය කියා සිටියේ ය.

මේ අතර අස්වැසුම් ප්‍රතිලාභ ගිණුම් විවෘත කිරීමට පැමිණෙන ජනතාව සහ බැංකු සේවකයින් පත්ව ඇති අපහසුතාවයට බලධාරින් වගකිව යුතු බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානයක මහතා කියා සිටියේ ය.

කෙසේ වෙතත්, අදත් අස්වැසුම ප්‍රතිලාභීන් විශාල ප්‍රමාණයක් බැංකු ගිණුම් ආරම්භ කර ගැනිමට රාජ්‍ය බැංකු ඉදිරිපිට සිටිනු දැක ගැනීමට හැකි විය.

ReeCha