අස්වැසුමෙන් සුභ ආරංචියක් - මෙන්න සල්ලි පොතට වැටෙන දිනේ
අස්වැසුම සහනාධාර වැඩසටහනේ පළමු අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජූලි මාස දීමනාව හෙට (24) සිට ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කෙරෙන බව සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
මෙම අදියර යටතේ පවුල් 1,424,548 ක් සඳහා රු. 11,296 මිලියන කට වැඩි මුදලක් වෙන්කර ඇති අතර, එය ඔවුන්ගේ බැංකු ගිණුම් හරහා ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.
එමෙන්ම, ජූලි 24 සිට ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ බැංකු ගිණුම්වලින් මෙම දීමනාව ලබා ගැනීමට හැකියාව තිබේැයිද මණ්ඩලය වැඩිදුරටත් අවධාරණය කරයි.