තවත් රෝගයක් ගැන සෞඛ්‍ය අංශයෙන් දැනුවත් කිරීමක් - ලෝකේ දිනකට රෝගීන් 1000ක් මැරෙද්දි ලංකාවෙනුත් 6%ක්
By Kaushi
මෙරට වාර්ෂිකව සිදුවන මරණවලින් 6%ක් පමණ ඇදුම රෝගය හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව ශ්‍රී ලංකා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය සුමන හඳගල මහතා ප්‍රකාශ කළේ නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් මෙම රෝගය සුවකළ හැකි බවයි.
ඉකුත් මැයි 5වන දිනට යෙදී තිබු ලෝක ඇදුම දිනයට සමගාමීව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් විශේෂඥ වෛද්‍ය සුමන හඳගල මහතා අදහස් දක්වා සිටියා.
එහිදී විශේෂඥ වෛද්‍ය සුමන හඳගල මහතා පැවසුවේ,
"ඇදුම රෝගය ලෝකය පුරාම සුලබව පවතින ලෙඩක්. මිලියන 260ක පමණ ජනතාවක් ලෝකයේ මෙයින් දුක් විදිනවා. මේකෙ තියෙන බලපෑම තමයි විශේෂයෙන් කුඩා දරුවන්ට හා තරුණයින්ට මේක බලපානවා. ලෝකයේ දිනකට මෙම රෝගයෙන් 1000ක් දෙනා මිය යන බව හොයාගෙන තියෙනවා. මෙය බෝ නොවන රෝගයක්"