අපරාධ චෝදනාවලට ලක්වන අයට පහරදීම ගැන ජනාධිපති නිතීඥ යූ.ආර් සිල්වාගෙන් සැර ප්‍රකාශයක්.

Report

අපරාධ චෝදනාවකට ලක්වන පුද්ගලයෙකුට අධිකරණයකින් දඬුවම් දිම හැර වෙනත් පුද්ගලයින්ට දඬුවම් දීමට කිසිදු අයිතියක් නොමැති බව ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා ප්‍රකාශ කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ, නීතිය සියතට ගෙන එලෙස කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක වන බවයි.

මේ අතර අපචාර හෝ දූෂණ චෝදනාවලට ලක්වන පිරිස්වල ඡායාරුප හෝ වීඩියෝ පට සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ කරන පුද්ගලයින්ට මෙන්ම ඒවාට ප්‍රසිද්ධියක් ලබා දෙන පුද්ගලයින්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක බවද ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.

පසුගියකාල වකවානුවේ අපචාර සහ දූෂණ චෝදනාවලට සම්බන්ධ වූ පුද්ගලයින්ට පහර දීමේ සිද්ධීන් කිහිපයක්ම වාර්තා වූ අතර එවැනි පහරදීම්වලට සම්බන්ධ පුද්ගලයින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඇතැමුන් මේවනවිටත් පසු වන්නේ රක්ෂිත බන්ධනාගාරගතවයි.