කොටස් වෙළෙඳපොල ඒකක ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (08) දිනයේදී කැපී පෙනෙන ඉහළ යාමක් වාර්තා කළේය. දිනය අවසානයේ දර්ශකය ඒකක 885.14 කින් ඉහළ ගොස් ඒකක 21,917.60 ක් ලෙස සටහන් විය.
වෙළෙඳපොළේ ගනුදෙනු ද ඉතා ඉහළ මට්ටමක පැවති අතර, අද දින වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.6 කි.
ආයෝජකයන්ගේ විශ්වාසය ඉහළ යාම සහ පවතින ආර්ථික ස්ථාවරත්වය මෙම වාර්තාගත වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව වෙළෙඳපොළ විචාරකයෝ පවසති.