ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් යළිත් අනතුරු ඇඟවීමක් - ගුවන් සේවයෙන් කිසිදු විටක මෙවැනි තොරතුරු ඉල්ලන් නෑ ප්‍රවේශමෙන්
සිය පාරිභෝගිකයන් ඉලක්ක කරගෙන දැනට ක්‍රියාත්මක වෙමින් පවතින වංචනික ක්‍රියාවන් වර්ධනය වෙමින් පවතින බව දන්වමින් ඒ පිළිබඳ දැඩි අවධානයෙන් සිටින ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය යළිත් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් වශයෙන් පෙනී සිටින පුද්ගලයින් විසින් WhatsApp පණිවිඩ සහ සෘජු දුරකථන ඇමතුම් ලබා දෙන බවට තොරතුරු වාර්තා වී ඇත.
ගුවන් සේවය සඳහන් කරන්නේ එවැනි අවස්ථාවලදී, වංචනිකයින් විසින් විවිධ ජංගම යෙදුම් ස්ථාපනය කරන ලෙස, දුරකථන තිරය හුවමාරු (screen sharing) කරන ලෙස, හෝ එක්වරක් පමණක් භාවිත කළ හැකි මුරපද (OTP), බැංකු රහස්‍ය අංක (PIN), ක්‍රෙඩිට් කාඩ් පත් විස්තර සහ වෙනත් සංවේදී මූල්‍ය තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා සිටිය හැකි බවයි.
කෙසේ වුවද ටිකට් නිකුත් කිරීම, ප්‍රවර්ධන වැඩසටහන් හෝ වෙනත් කිසිදු කාර්යයක් වෙනුවෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය WhatsApp ඇමතුම් මඟින් පාරිභෝගිකයන් සම්බන්ධ කර නොගන්නා බවත්, පෙර ඉල්ලීමක් නොකළ දුරකථන ඇමතුම් (unsolicited calls) ලබා නොගන්නා බවත් අවධාරණය කර තිබෙනවා.
එසේම කිසිදු අවස්ථාවක OTP කේත, බැංකු PIN අංක, ක්‍රෙඩිට් කාඩ් පත් විස්තර හෝ වෙනත් රහසිගත තොරතුරු ඉල්ලා නොසිටින බවත්, දුරකථන තිරය හුවමාරු කරන ලෙස හෝ ජංගම යෙදුම් ස්ථාපනය කරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා නොසිටින බව ද දැනුම් දෙයි.
සියලුම ජනතාවට දැනුම්දීමක් - මේ රාජ්‍ය ආයතනවලින් කියලා, අවුරුදු කුමාරි තරගවලින් කියලා පණිවුඩ ආවොත් දැඩිව ප්‍රවේශම් වෙන්න
එවැනි වංචනික ක්‍රියාවන් පිළිබඳ සැලකිලිමත් ව සිටින ලෙසත්, එවැනි සිදුවීම් අදාළ බලධාරීන්ට වාර්තා කරන ලෙසත් ගුවන් සේවය ජනතාවගෙන් ඉල්ලා සිටී.
තවද ඔවුන් වැඩිදුරටත් දැනුම් දෙන්නේ සියලුම ප්‍රවර්ධන වැඩසටහන්, දීමනා සහ සන්නිවේදන පිළිබඳ තොරතුරු ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය හෝ තහවුරු කළ නිල සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ පමණක් තහවුරු කරගන්නා ලෙසයි.