ආසියානු සංවර්ධන බැංකුවෙන් ලංකාවට නිවේදනයක්.
සහනදායි ලෙස අරමුදල් සපයාගැනීම සඳහා ශ්‍රී ලංකාවට අනුමැතිය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව කටයුතු කර ඇත.
ඒ අනුව අඩු පොලියකට අරමුදල් සපයාගෙන එමගින් රටේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය පියවරගෙන ආර්ථික ස්ථායිතාවය ඇතිකිරීමට අවස්ථාව ලැබෙනු ඇත.
එමෙන්ම ආසියානු සංවර්ධන බැංකුව පවසන්නේ, දරිද්‍රතාවයෙන් පෙලෙන සහ අවදානමට ලක්විය හැකි ජන කොටස් සඳහා අවශ්‍ය සහාය ලබාදිය හැකිවෙනු ඇති බවයි.
කෙසේවෙතත්, ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමක් අනුව එම පියවර ගත් බව ද අදාළ නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |