ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට සතුටු වෙන්නම පුලුවන් ආරංචියක්.. එකවරම මෙන්න.. අමෝ ඉතිම්..

Report

ශ්‍රී ලංකා කණ්ඩායම අද (01)  ඇෆ්ගනිස්තාන කණ්ඩායම ලකුණු 131ක දැවැන්ත පරාජයකට ලක්කරමින් ආසියානු කුසලාන වයස 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

මෙම තරගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජාහිදී පැවතියේ ය.

ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 07ක් දැවී ලකුණු 243ක් රැස්කිරීමට සමත් විය.

මේ මොකක්ද?. සියල්ලන් හඬවමින්.. මියගිය දීඝදන්තුගේ, උදරය තුළ තිබී හමු වුණ දෙය මෙන්න..

මේ මොකක්ද?. සියල්ලන් හඬවමින්.. මියගිය දීඝදන්තුගේ, උදරය තුළ තිබී හමු වුණ දෙය මෙන්න..

එමෙන්ම, ශ්‍රී ලංකා ඉනිමේ ශාරුජන් ෂම්මුගනාදන් අංක 3 පිතිකරුවා ලෙස පන්දුවට පහරදීමට පැමිණ අගනා ලකුණු 102ක් රැස්කළේ ය.

ඔහු ආරම්භක පිතිකරු පුලිඳු පෙරේරා සමගින් දෙවැනි කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනැගුවේය.

පුලිඳු ලකුණු 53කින් ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 28.2දී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 112ක් පමණි.

උයලත් හමාරයි?. ලාෆ්ස් ගෑස් වලට මේ මොකක්ද වුණේ?. එතකොට මිල?.

උයලත් හමාරයි?. ලාෆ්ස් ගෑස් වලට මේ මොකක්ද වුණේ?. එතකොට මිල?.

හම්සා ඛාන් ලකුණු 32ක් හා නසිෆුල්ලා අමිරි ලකුණු 33ක් රැස්කළත් එය ඇෆ්ගනිස්තාන පරාජයේ බර අඩුකිරීමට හෝ ප්‍රමාණවත් නොවීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ප්‍රවීන් මනීෂ ලකුණු 16කට කඩුලු 3ක් දවා ගත්තේය.

එයට අමතරව නිව්ටන් රන්ජිත්කුමාර් (2/28), විරාන් චමුදිත (2/14) හා විහස් තෙව්මික (2/10) කඩුලු 2 බැගින් දවාගත්හ.

මෙම ජයග්‍රහණයත් සමග 'B' කාණ්ඩයෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් තරගයක් ඉතිරිව තිබියදීම අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කරතේ ය.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය කාණ්ඩයේ පෙරමුණ හිමිකරගෙන සිටියි.

එමෙන්ම, ඔවුන් අනිද්දා (03) බංග්ලාදේශට එරෙහිව ක්‍රීඩාකිරීමට නියමිතව ඇත.

කෙසේ වෙතත්, බංග්ලාදේශය ද මේ වනවිට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා තිබෙනවා.  

You May Like This Video👇 

.