උයලත් හමාරයි?. ලාෆ්ස් ගෑස් වලට මේ මොකක්ද වුණේ?. එතකොට මිල?.

LAUGFS Gas PLC Laugfs Gas Price Businessman Latest Headlines Decision Making
By krishani Nov 30, 2024 04:39 PM GMT
krishani

krishani

Report

වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ රට තුළ නිර්මාණය වී ඇති ලාෆ්ස් ගෑස් හිඟය පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බවයි.

ගෑස් අලෙවි නියෝජිතයින් සඳහන් කළේ ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට වෙළෙඳපොළට ලාෆ්ස් ගෑස් නිකුත් කර නොමැති බවය.

පොකට් එකට දැනෙන්න ද?. IOC ත් වහාම තීරණයක් ගනී.. මාලිමා ආණ්ඩුවේ ඉන්ධන මිල සංශෝධනය වුණේ මෙහෙමයි..(UPDATE)

පොකට් එකට දැනෙන්න ද?. IOC ත් වහාම තීරණයක් ගනී.. මාලිමා ආණ්ඩුවේ ඉන්ධන මිල සංශෝධනය වුණේ මෙහෙමයි..(UPDATE)

එමෙන්ම, දැනට සති කිහිපයක සිටම රට තුළ ලාෆ්ස් ගෑස් හිඟයක් නිර්මාණය වී තිබෙනවා.

පාරිභෝගිකයින් සහ වෙළෙඳුන් ද මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත් ව ඇත.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන්  ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කළේ මෙවැන්නකී,

"මූලික පිරව්ම් පර්යන්තය තියෙන ස්ථානය.. මාබිම අවට ප්‍රදේශය ගංවතුරට යටවීමෙන් බෙදාහරීම් අක්‍රිය වුණා. ඒ සමගම හම්බන්තොට පර්යන්තයට ගෑස් ගෙන එන නැවක ප්‍රමාදයක් වුණා..

මේ නිසා පසුගිය කාලයේ ගෑස් දෙන්න නොහැකි වුණා. දැනටත් ඒ නැවෙන් ගෑස් ගොඩබෑම සිදු වෙනවා. අපි ඊයේ සිට ක්‍රියාත්මක වෙලා. පසුගිය පැය 24 තුළ බෙදාහැරීම් කටයුතු සිදුකළා."

You May Like This Video👇 

.


 

ReeCha