අවතැන් කඳවුරුවල ප්‍රසිද්ධ නළු නිළියන් රැසක් එකතුවෙලා කරන හරි අපූරු වැඩක් මෙන්න

Report

කලාකරුවන් පිරිසක් අද (12) දින කොත්මලේ අඹතලාව අවතැන් කදවුර වෙත ගොස් එම ජනතාව සමඟ එක්ව රස වින්දනාත්මක වැඩසටහන් ගණනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ දිට්වා සුළි කුණාටුවෙන් කොත්මලේ ප්‍රදේශයේ නායයෑමෙන් ආපදාවට ලක් වි අවතැන් කදවුරුවල සිටින ජනතාවගේ මානසික සුවය ඉහළ දැමීම වෙනුවෙන් බව සඳහන්.

ඒ සදහා මහවැලි කේන්ද්‍රය මඟින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට තරින්දි ප්‍රනාන්දු, ප්‍රියන්ත සිසිර කුමාර, සේමිනි ඉද්දමල්ගොඩ, කලණ ගුණසේකර, දසුන් පතිරණ, චතුර රාජපක්ෂ, චමත්කා ලක්මිණි, දනුෂි දිසානායක ඇතුලු කලා කරුවන් 08 දෙනෙකු සහභාගි වී ඇත.

හෙට සහ අනිද්දා නොමිලේ විවාහ, උප්පැන්න සහ මරණ සහතික පිටපත් ලබා දෙන සේවාවක්

හෙට සහ අනිද්දා නොමිලේ විවාහ, උප්පැන්න සහ මරණ සහතික පිටපත් ලබා දෙන සේවාවක්

එහිදී ඔවුන් විසින් එම කදවුරේ සිටින අවතැන් වුවන් සමඟ ගීත ගයනා කරමින් වැඩසටහන දියත් කළ අතර, එම වැඩසටහන (12-13) දිනවල කොත්මලේ ප්‍රදේශයේ පිහිටුවා ඇති අවතැන් කදවුරු ගණනාවක සිදු කිරිමට නියමිත බව ද පවසයි.

එසේම මෙම වැඩසටහන සඳහා එම කලාකරුවන් ස්වේච්චාවෙන් ඉදිරිපත් වී ඇති බවද වාර්තා වේ.

විශ්‍රාම වැටුප් හා මාසික දීමනාවල වෙනසක්

විශ්‍රාම වැටුප් හා මාසික දීමනාවල වෙනසක්

තිරිංග අක්‍රීය වූ බස්‍ රිය වේල්ලකට අල්ලා මගීන් ගණනාවක් බේරු රියදුරු

තිරිංග අක්‍රීය වූ බස්‍ රිය වේල්ලකට අල්ලා මගීන් ගණනාවක් බේරු රියදුරු