තිරිංග අක්රීය වූ බස් රිය වේල්ලකට අල්ලා මගීන් ගණනාවක් බේරු රියදුරු
අද (12) උදෑසන බදුල්ල සිට අනුරාධපුරය බලා ධාවනය කරමින් තිබූ තිරිංග අක්රීය වූ අවස්ථාවේ බස්රථය වේල්ලකට අල්ලා මගීන් 14 දෙනාගේ ජීවිත බේරා ගැනීමට රියදුරු සමත්ව ඇත එය කැකිරාව ලංගම ඩිපෝවට අයත් බස්රථයකි.
මෙම බස්රථය පෙ.ව. 6.35ට බදුල්ලෙන් ධාවනය ආරම්භ කර බදුල්ල - මහියංගනය මාර්ගය ඔස්සේ ඉදිරියට යමින් තිබුණි.
ඉන්පසු බදුල්ල දුන්හිඳ වංගුව අසලදී බසයේ තිරිංග අක්රීයවූ බවත් තමා වහාම බස්රථය වේල්ලකට අල්ලා නතර කර ගන තිබේ .
මෙම රියදුරුවරයා නමින් ජනක තුෂාර වේ බස් රථයේ සිටි කිසිදු මගියෙකුට සීරිමක්වත් නොවී මගීන් සියලුදෙනාගේ ජීවිත ආරක්ෂා වීම ප්රාතිහාර්යකි.
ඒ වගේම බස්රථය වේල්ලකට අල්ලා නතර නොකළේනම් එය අඩි දහස් ගණනක ප්රපාතයට පෙරළී විශාල අනතුරක් සිදුවීමට ඉඩ තිබූ බව රියදුරු තව දුරටත් සදහන් කරයි.
බදුල්ල පොලීසිය ප්රකාශ කළේ පසුගිය කාල වකවානුව තුළ මෙම මාර්ගයේ මාරක අනතුර කිහිපයක්ම සිදුවූ බවත් ඒ සියල්ලටම හේතුවූයේ තිරිංග දෝෂ බවයි.