මැලේසියානු ගමන් බලපත්‍රයකින් වියානා යන්න ගිය අයෙක් අත්තඩංගුවට ..

Report

අන්සතු මැලේසියානු ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන ඕස්ට්‍රියාවේ වියානා නුවර වෙත පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ශ්‍රී ලාංකික තරුණයෙකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.

ත්‍රස්තවාදය යුක්ති සහගත බව කියාපෑමට උත්සාහ කළ නාට්‍යවේදිනියන් දෙදෙනෙකුට වැඩ වරදී..

ත්‍රස්තවාදය යුක්ති සහගත බව කියාපෑමට උත්සාහ කළ නාට්‍යවේදිනියන් දෙදෙනෙකුට වැඩ වරදී..

මොහු 39 හැවිරිදි යාපනය , තෙලිප්පලෙහි පදිංචි තරුණයෙක් වන අතර ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි. - 282 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත ගොස් එතැන් සිට ඔස්ට්‍රියාවේ වියානා නුවර වෙත යාමට සැළසුම් කර තිබුණි .

අදාළ තරුණයා ගුවන් සේවා සියලුම නිශ්කාශන කටයුතු නිම කර ගැනීමෙන් පසුව ගුවන් තොටුපොළ විගමන ප්‍රදේශය වෙත පැමිණ සිටි අතර , ඔහු පිළිබඳ ඇති වු සැක කටයුතු හැසිරීම මත කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් මොහුගේ ලියකියවිලි වැඩිදුරටත් පරීක්ෂා කර තිබේ .

අපරාධ කරුවන්ට ප්ලාස්ටික් සැත්කම් කර වෙනස් පෙනුමකින් සමාජ ගත කරන ජාවාරමක් ..

අපරාධ කරුවන්ට ප්ලාස්ටික් සැත්කම් කර වෙනස් පෙනුමකින් සමාජ ගත කරන ජාවාරමක් ..

එහිදී මෙම ඔස්ට්‍ර්යා ගමන් බලපත්‍රය තැරැව්කරුවෙකුට රුපියල් ලක්ෂ 90 ක් ගෙන සකස් කර ගෙන ඇති බවත් , ඔහුගේ ගමන් මල්ලේ ඔහුගේ සැබෑ ගමන් බලපත්‍රය සහ කූඨ ලෙස සකස් කළ විගමන මුද්‍රාවක් ද තිබී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .