අමානුෂික ඝාතනයකට, ජනප්‍රිය රංගන ශිල්පියෙක් වහා අත්අඩංගුවට.. (PHOTOS)
By krishani
දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ කන්නඩ සිනමාවේ සුපිරි තරුවක් වන Darshan Thoogudeepa අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එයට හේතුව මොහුගේ රසිකයෙකු වූ රේණුකස්වාමි නම් අයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාලව බව සඳහන් වේ.
මොහු විසින් අදාල පුද්ගලයාව ඝාතනය කර එම සිරුර කාණුවකින් සොයාගෙන ඇති බව වාර්තා වේ.
මූලික පපරීක්ෂණවල දී අණාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයාට මිය යන තුරුම පහර දී ඇති බවයි.
මේ වන විට මෙම සිදුවීමට අදාලව ඉන්දීය පොලිසියෙන් 17 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත්, මෙම රංගන ශිල්පියාගේ පෙම්වතිය ද ඒ අතර වෙන බව වාර්තා වේ.