රෝහල් සේවයට යුද හමුදාව යොදවයි
covid19
isolated
army
quarantine
hospital service
By Sewvandhi
රට පුරා රෝහල් ගණනාවක කණිෂ්ඨ සේවකයන් විසින් වැඩවර්ජනයක් කැදවීම හේතුවෙන් රෝහල් කටයුතු අඩාල නොවී පවත්වාගෙන යාමට ඊයේ දිනයේ යුද හමුදාව යොදවනු ලැබ තිබිණි.
කොළඹ ජාතික රෝහල මහනුවර මහනුවර සහ හම්බන්තොට මහ රෝහල ඇතුළු රෝහල් කිහිපයක මෙසේ යුද හමුදා සෙබළුන් විසින් එම කාර්යන් සිදු කර තිබේ.
රෝගීන් වාට්ටුවට ගෙන යාම, රෝගීන්ට ආහාර පාන දීම, රෝගීන් ශල්‍යාගාරය වෙත ගෙනයාම, විදුලි සෝපාන ක්‍රියාත්මක කිරීම ඇතුළු සේවාවන් රැසක් යුද හමුදාව විසින් සිදු කරනු ලැබූහ.
ඒකාබද්ධ සෞඛ්‍ය සංගමයට අයත් පිරිස් විසින් සිදුකරනු කැඳවා තිබූ වැඩවර්ජනයට රට පුරා රෝහල් ගණනාවක සේවකයන් සම්බන්ධ වී සිටීම නිසා රෝගී සත්කාරක සේවා වලට බාධා ඇති ව තිබිණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |