යුද හමුදාව කෘෂිකර්ම හා පශු සම්පත් බලකායක් පිහිටුවයි
Army
By Kanagasooriyam
ශ්‍රී ලංකා යුද හමුදාව අද කෘෂිකර්ම හා පශූ සම්පත් බලකායක් ස්ථාපිත කරනු ලැබුවා.
ඒ යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේදීයි.
රටට අවශ්‍ය භෝග හිගයකින් තොරව රට තුළම නිපදවීම මෙහි අරමුණ බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කලේ.