ආණමඩුව කළඹමින් බිහිසුණු අනතුරක් - දියණියන් දෙදෙනා පාසලට ඇරලවා යළි එන ටිකට යුද හමුදා කෝප්‍රල්වරයෙකුට දිවි අහිමි වෙයි

Report

ආණමඩුව නගරයට ආසන්න පරමාකන්ද මංසන්ධිය ප්‍රදේශයේදී ලංගම බස් රථයක ගැටීමෙන් යුද හමුදා කෝප්‍රල්වරයෙකු අද (20) දින උදෑසන මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙසේ මියගොස් ඇත්තේ ආණමඩුව, ඌරියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි දුමින්ද සඳරුවන් වික්‍රමආරච්චි නමැති දෙදරු පියෙක් බව සඳහන්.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති දීර්ඝ හමුදා පුහුණුවකින් පසු ඊයේ (19) දින නිවසට පැමිණ ඇති ඔහු අද නැවත සේවයට යාමට නියමිතව සිට ඇති බව පොලිසිය සඳහන් කළා.

ඒ අනුව අද උදෑසන සිය දියණියන් දෙදෙනා ආණමඩුව කන්නන්ගර ආදර්ශ මහා විද්‍යාලයට යතුරුපැදියෙන් ඇරලවා නැවත නිවස බලා යමින් සිටියදී ඔහු මෙසේ අනතුරට ලක්ව ඇත.

දිට්වා වගේම තවත් බරපතළ ස්වාභාවික ආපදාවක්.. ලංකාවට වෙන්න යන මහා විනාසයක් ගැන හෙළි වෙයි

දිට්වා වගේම තවත් බරපතළ ස්වාභාවික ආපදාවක්.. ලංකාවට වෙන්න යන මහා විනාසයක් ගැන හෙළි වෙයි

අනතුර සිදුව ඇත්තේ පුත්තලම සිට කුරුණෑගල බලා ධාවනය වෙමින් තිබූ පුත්තලම ලංගම ඩිපෝවට අයත් බස් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව යතුරුපැදියේ ගමන් කරමින් සිටි කෝප්‍රල්වරයාගේ ගැටීමෙන් බව පවසයි.

එමෙන්ම අනතුරින් පසු බස් රථය මීටර් 100කට ආසන්න දුරක් ඉදිරියට ඇදී ගොස් නතර වී ඇති බව ද පොලිසිය ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් අනතුරින් යතුරුපැදිය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, කෝප්‍රල්වරයා එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

මේ අතර පොලිසිය සඳහන් කළේ අනතුර සිදුවූ ස්ථානය සහ ඒ අවට ප්‍රදේශය නිරන්තරයෙන් මාරක රිය අනතුරු සිදුවන ප්‍රදේශයක් බවයි.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලිසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, ලංගම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ.

සූදානම් වන්න - දිවයිනේ මේ අයට අවවාදාත්මක නිවේදනයක්

සූදානම් වන්න - දිවයිනේ මේ අයට අවවාදාත්මක නිවේදනයක්

විද්‍යුත් වාහන සම්බන්ධයෙන් විශාල ගැටලුවක්- වාහන ආනයනය නවතියි? බදු සහනයත් කපයි

විද්‍යුත් වාහන සම්බන්ධයෙන් විශාල ගැටලුවක්- වාහන ආනයනය නවතියි? බදු සහනයත් කපයි